බප/ගම්/කූරුවමුල්ල මහා විද්‍යාලය

ගම්පහ

බප/ගම්/කූරුවමුල්ල මහා විද්‍යාලය

ළමා දින සැමරුම

නායකත්ව පුහුණු වැඩසටහන

WhatsAppImage2023-03-27at120607PM.jpeg
WhatsAppImage2023-03-27at120607PM.jpeg

 

විදුහල්පති පණිවිඩය

පී.ඒ.සී.පී. පතිරාජ මයා

අධ්‍යාපනයේ මූලික පරමාර්ථය වන්නේ පරිපූර්ණ පෞරුෂයකින් හෙබි පුරවැසියකු සමාජයට දායාද කිරීමයි. එවැනිම අරමුණු ඇතිව රටේ කීර්තිමත් පාසල් ලැයිස්තුවට තම නම එක් කරමින් සාර්ථකව ඉදිරියට යමින් අභිමානවත් ධෛර්ය සම්පන්න ප්‍රඥාවෙන් හා යහපත් ගතිගුණවලින් පොහොසත් අභියෝග භාර ගැනීමේ හැකියාව ඇති දරුවන් දායාද කරයි.

කූරුවමුල්ල මහා විද්‍යාලය  දිනෙන් දින විශිෂ්ඨත්වය කරා පිය නගල අප පාසල බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ ඇති දීප්තිමත් පාසලකි. අප සිසු දරුවන් කලාප, පළාත් මෙන්ම ජාතික මට්ටමේ ජයග්‍රහණ රාශියකට උරුමකම් කියන අතර, පාසලෙන් බිහි වූ කීරතිමත් ආදි සිසුන් ද බොහොමයකි. අද වන විට ඔවුන් රටේ ඉහළ තැන්වන තනතුරු දරමින් රට දැය වෙනුවෙන් සුවිශේෂි මෙහෙවරක් ඉටු කරති.  

කෙසේ වෙතත්, දැනුම මත පදනම් වූ වර්තමාන තරඟකාරී වේගවත් සමාජය තුළ එවැනි සැබෑ තත්වයක්, සමබර හා පරිපූර්ණ පෞරුෂයකින් යුත් දරුවෙකු ගොඩනැගීම පහසු කාර්යයක් නොවේ. එහෙත් විෂය බාහිර ක්‍රියාකාරකම් සහ සැඟවුණු විෂයමාලා ක්‍රියාත්මක කිරීම තුළින් පාසල එම අරමුණ ඉටුකර ගැනීමට වෙහෙසෙන්නේ එවැනි දරුවෙකු සමාජයට ආශිර්වාදයක් වන බැවිනි.

කූරුවමුල්ල මහා විද්‍යාලය විවිධ බුද්ධිමතුන්ගෙන් පිරිපුන් ගෞරවනීය දරුවන්ගෙන් යහපත් සදාචාරාත්මක චරිතයකින් මනරම් ලෙස විස්තාරණය කරන ලද මෙවන් උදාර අරමුණක් කරා යොමුවේවායි මම ඉත සිතින් ප්‍රාර්ථනා කරමි.

පී.ඒ.සී.පී. පතිරාජ මයා
විදුහල්පති
බප/ගම්/ කූරුවමුල්ල මහා විද්‍යාලය .